දේශීය සිනමා, ටෙලිනාට්‍ය සහ සංගීත ක්ෂේත්රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත්‍රිත්වය පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබීය.
කමිටු වාර්තාවල නිර්දේශ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් නිසි ලෙස සිය වගකීම් ඉටුකරන ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කර තිබේ.
එසේම මේ පිළිබද වගකීම් දරන සියලූදෙනා සති දෙකකට වරක් රැස්වී මෙම නිර්දේශ ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබද කටයුතු සොයා බැලීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දුන් බව ජනපති මාධ්‍ය ඒකකය පවසයි.
ප්‍රවින රංගන ශිල්පිනී දිපානි සිල්වා ප්රමුඛ ප්‍රවීන කලාකරුවන් පිරිසක් විසින් දේශීය ටෙලිනාට්‍ය පිළිබඳ කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර ජනාධිපතිතුමා එය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙත භාර දුන්නේය.
දේශීය සිනමාව නගාසිටුවීම පිළිබඳ කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න විසිනි. ජනාධිපතිතුමා විසින් එම කෙටුම්පත රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර වෙත භාරදෙනු ලැබීය.
සංගීත ක්ෂේත්රයේ ගීත රචකයින්, සංගීතඥයින්, ගායක ගායිකාවන් සඳහා වූ කර්තෘභාගය සම්බන්ධ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තාව කමිටු සභාපති ජනාධිපති අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක වෙත භාරදෙන ලදී.
ජනාධිපති මන්දිරයේ පැවැත්වුණු මෙම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියන්න, රංජන් රාමනායක සහ කලා ක්ෂේත්රයේ ප්රවීනයින් රැසක් එක්ව සිටියහ.