ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පවත්වන ලද අමුතුම විදියේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලකට සහභාගි වීමට අපි (ජනකරළිය නාට්‍ය කණ්ඩායම) භාග්‍යවන්තයෝ වීමු. ඇසෑම් ප්‍රාන්තයේ, ගොල්පරා දිස්ති‍්‍රක්කයේ පිහිටි ගෝති‍්‍රක ජනයා වාසය කරණ රාම්පූර් නමැති ගම්මානයේ රජයේ රක්ෂිත වනයක මෙම නාට්‍ය උත්සවය පසුගිය දෙසැම්බර් 14 වැනිදා සිට 18 වැනිදා දක්වා පවත්වන්නට යෙදුණි.
එම උත්සවය සංවිධානය කරණ ලද්දේ එම ගමේම පවත්වාගෙන යන 'බඩුන්ඩුප්පා සමාජ-සංස්කෘතික කේන්ද්‍රය' විසින්. ඉන්දියානු මධ්‍යම රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම ඇසෑම් ප්‍රාන්ත රාජ්‍යයේ සංස්කෘතික අමාත්‍යාංශයේ මූල්‍ය සහාය මෙම ආයතනයට ලැබේ. ඒ ඇරෙන්නට ඇසෑම් සංගීත නාටක ඇකඩමියද මෙම අත්සවයට සහාය දක්වමින් සම්බන්ධ වේ. ඇසෑමයේ ප්‍රධාන පරිපාලන නගරය වන ගුවාහටි සිට කිලෝ මීටර් 125 ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයේ පවත්වන මේ නාට්‍ය උත්සවය නැරඹීමට රටේ විවිධ ප්‍රදේශවලින් නාට්‍යවේදීන්, කලා විචාරකයින් පැමිණෙයි. ඒ ඇරෙන්නට මෙම ගම්මානයේ රභා ගෝති‍්‍රක ජනතාවද සෑම නාට්‍ය දර්ශනයක්ම නැරඹීමට පැමිණෙන හැටි දැකීම විශ්මය දනවන්නක් විය.
මෙම නාට්‍ය උත්සවයේ ‘‘පයනිහල්’’ නාට්‍යය රංග ගත කිරීම පිණිස ජනකරළියට ඇරයුමක් ලැබුණි. ‘‘පයනිහල්’’ නාට්‍යයට රංග ගත කරණ ලෙසට ඇරයුම ලැබුණේ පසුගිය අවුරුද්දේ ජූලි සහ නොවැම්බර් මාසවල කල්කටාවේ නාට්‍ය උත්සව දෙකකදී මෙම නාට්‍යය රගදක්වන ලද බැවින් ඒ පිළිබදව නාට්‍ය කලා ප්‍රජාව අතර ඊට ලැබී තිබුණු ප්‍රසිද්ධිය නිසයි. ‘‘පයනිහල්’’ ආචාර්ය ධර්මසේන පතිරාජයන් වසින් 1972 වසරේදී ‘‘කොරා සහ අන්ධයා’’ නමින් රචනා කොට ධම්ම ජාගොඩයන් විසින් අධ්‍යක්ෂණය කරණ ලද නාට්‍යයයි. ‘‘පයනිහල්’’ නමින් එම නාට්‍යය පරිවර්තනය කරණ ලද්දේ ජනකරළිය ජ්‍යෙෂ්ට සාමාජික රාසයියා ලෝහානන්දන් විසින්. අධ්‍යක්ෂණය කරණ ලද්දේ රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතී.
පරාක්‍රම නිරිඇල්ල