පත්තිනි සිනමා නිර්මාණයෙන් පසු මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලැටීෂියා බොතේජුගේ යොවුන් නවකතාවක් වූ අනූෂ සහ කුමාරයා තුළින් අපූරු ළමා චිත්‍රපටයක් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළා. එහි නම "අලි කතාව". මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ මහරජ ගැමුනු සිනමා නිර්මාණය නිෂ්පාදනය කළ ගුණපාල රත්නසේකර විසින්.
මේ වනවිට "අලි කතාව" සම්පූර්ණ නිෂ්පාදන කටයුතු නිමාකර තිබේ. මෙය ලබන වසරේදී ප්‍රදර්ශණය කිරීමට බොහෝ විට නිෂ්පාදකයන් බලාපොරොත්තු වේ.
මෙම චිත්‍රපටයේ සුවිශේෂත්වය වන්නේ අලි පැටවකුගේ අපූරු රංගනයන් ඇතුළත්ව තිබීමයි. මෙහි රගපෑ අලි පැටියා තායිලන්තයේ චොක්චායි ප්රදේශයෙනුයි රගපැමට සම්බන්ධවෙන්නේ. ඔහුගෙ නම රාජු. ඔහු සැබැ දගකාරයෙක්. රාජුත් එක්ක රංගනය සඳහා දායකවුනේ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, තාරුකා වන්නිආරච්චි, ධනංජය සිරිවර්ධන, කෞෂල්‍ය නිර්මාණ ප්‍රනාන්දු ,යොහානි හංසිකා, ගිරිරාජ් කෞෂල්‍ය, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, රොඩ්නි වර්ණකුල, දීපානි සිල්වා, විල්සන් ගුණරත්න ඇතුළු පිරිසකි.
මෙහි සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගෙනි. කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තගෙනි. කැමරා චන්න දේශප්‍රියයි.සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය විසිනි.වේෂ නිරූපණය හර්ෂ මංජුල, ඇඳුම් සහ වස්ත්රාභරණ නිර්මාණය තිළින ලක්ෂාන් ගෙනි. සංස්කරණය තිස්ස සුරේන්ද්‍රගෙනි. නිෂ්පාදන කළමණාකරණය මනෝහාරී හේවාවසම්ගෙනි.
"අලිකතාව අපූරු" රසවින්දනයක් දරුවන් ට සහ වැඩිහිටියන්ට ලබාදෙනු නිසැකය.