සිනමාවේ කකුලෙන් ඇදීම් සහ කැපිලි කෙටිලි ලංකාවට පමණක් ආවේණික වූ දෙයක් පමණක් නොවේ. ලොව කොතැනක වුවද එය අඩු වැඩි වශයෙන් සිදු වන බවට හොලිවුඩයෙන් වාර්ත වන පුවතකින් තහවුරු වෙනවා.
ඒ හොලිවුඩ් සුපිරි නිළි මෙලීසා බෙනොයිස්ට්ගේ නම ඇමෙරිකාවේ හොඳම නිළියට යෝජනා වීමත් සමග ඇයට සිදු වූ කැපිලි කෙටිලි පිළිබඳවයි.
එසේම මේ වනවිට ඇය සමග හොලිවුඩයේ තවත් සුරූපී නිළියන් කිහිප දෙනෙකු බොහෝ කේන්තියකින් පසුවන බවද සඳහන් වෙයි.
මෙලීසා පවසන්නේ තමන් දායකත්වය දැක්වූ සියලුම චරිතවලට තමා සාධාරණයක් ඉෂ්ට කළ බවයි.
ඇය චිත්‍රපටවල මෙන්ම පුංචි තිරයේද රඟපාන අතර, තමන් රංගනයෙන් දායක වූ 'Super girl' ටෙලි නාට්‍යය තුළින් සිය රංගන කුසලතාව වැඩි වශයෙන් කැපී පෙනෙන බව මෙලීසා සඳහන් කරයි.
මෙම වර්ෂයේදී ඇමෙරිකාවේ හොඳම නිළියට යෝජනා වීමත් සමගින් ඇයට තිබෙන ඉල්ලුම වැඩි වී ඇතැයි ද වාර්තා වේ.