ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනපති බැරක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා සිනමාපට සහ රුපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයට අත ගසා තිබේ.
එරට ප්‍රකට නිෂ්පාදන සමාගමක් වන නෙට්ෆ්ලික්ස් ආයතන පවසන්නේ ඔවුන් දෙදෙනා තම ආයතනය සමඟ වසර කිහිපයකට බලපාන ගිවිසුමක් අත්සන් කළ බවයි.
තිර රචනා සහිත සහ රහිත නාට්‍යය, වාර්තාමය නාට්‍ය, වාර්තාමය චිත්‍රපට යන මේ සියල්ල නිෂ්පාදන කටයුතු සඳහා ඇතුලත් බව නෙට්ෆ්ලික්ස් පවසයි.
“අපට ධෛර්යයක් ලබා දීම සඳහා කතන්දර කීමේ කලාව ලොකු බලපෑමක් එල්ල කරන බව බැරක් සහ මම දෙදෙනාම නිරතුරුවම විශ්වාස කළා,” යනුවෙන් මිෂෙල් ඔබාමා පවසන්නීය.
“අපි සමාජ සේවයේ යෙදෙන විට හමුවන සමහර විවිධ පුද්ගලයන්ගේ ජිවිත කතා හරිම පුදුමාකාරයි. ඔවුන්ගේ ඒ අත්දැකීම් විශාල පිරිසක් සමග හුවමාරු කරගැනීමට ඉඩ තිබේ නම් වඩාත් හොඳ බව අපිට හැඟී ගියා.ඒ නිසයි මිෂෙල් සහ මම දෙදෙනාම නෙට්ෆ්ලික්ස් ආයතනය සමඟ සම්බන්ධ වුණේ,” යයි බැරක් ඔබාමා පැවසුවේය.
කෙසේ වෙතත් මෙම වැඩසටහන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇත.