මෙරට ප්රවීන චිත්රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසුරිය ගේ 22 වැනි සිනමා නිර්මාණය වන “වස්සානේ සඳ” මංගල දර්ශනය අද එනම් 25 වැනි සිකුරාදා දින පස්වරුවේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ඔහු විසින් රචිත “වස්සානේ සඳ නවකතාව” සහ වස්සානේ සඳහා චිත්රපට තිර රචනය ද ඊට සමගාමිව එළි දැක්වීමට නියමිතය.
මෙය ඔහු රචනා කරනු ලැබූ දෙවැනි නවකතාව මෙන්ම දෙවැනි තිර රචනාව ද වේ.
“යකඩ පිහාටු” යන නවකතාව ද “පායා එන්න හිරු සේ” චිත්රපට තිර රචනය ද මින් පෙර ඔහු විසින් එළි දැක්වූ කෘතීන් ය.
වස්සානේ සඳ නවතම සිනමා නිර්මාණය සඳහා පියුමි හංසමාලි, අනුජ් රණසිංහ, ඕෂධී හිමාෂා ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයා ඇත.