වර්තමනයේ පරිහාණියට පත්වෙමින් යන ගීත නිර්මාණ කලාව, රසික සමාජයේ රස වින්දනය මොට කරන බොල්, නිසරු, අරුත්සුන්, නිර්මාණ සරිසරයකින් මුදවා ගෙන ප්‍රඥාවන්ත රසික පරපුරක් බිහිකිරීමේ පසුබිම මකරන්ද බඳු ප්‍රාසංගික අත්දැකීමකින් ගොඩ නැගෙනු ඇතැයි යන්න නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින් හා නිලක්ෂි හැලපිටිය යන ගායන වෘන්දයේ විශ්වාසයයි.
පසුගිය දශක කිහිපය තුළ වරින්වර අප රස විඳ ඇති, අද ද රස විඳිනු ලබන ගීත ප්‍රසංගයකට වඩා වෙනස් වූ නැවුම් වූ අත්දැකීමකට ශ්රාවකයා කැඳවාගෙන යන්නට ඔවුහු සූදානම් වෙමින් සිටිති.
ගායනාවන්ට දායක වන පංච පුද්ගල හඩෙහි පවතින පංචවිධ ස්වරගුණයන්, ගීත නිර්මාණය වී ඇති ගේය කාව්‍යයන්හි වාව්යමය ගුණය ඉක්මවා මතුවන හැඟීම් හා අර්ථ සෞන්දර්යයත් මේ ගීත ප්‍රසංගය විචිත්‍රවත් කරනු ඇත.
“මකරන්ද” අපුර්ව සුසංයෝගයේ මිහිර විඳගන්න එළඹෙන ජූනි මස නව වැනිදා නෙළුම් පොකුණ රඟහලට පැමිණෙන්න.