සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය 8 වැනි වරටත් සංවිධාන කරනු ලැබූ “සාක් සිනමා උළෙලේ” දී හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 4 ක් දිනාගැනීමට මෙරට නිර්මාණකරුවන් සමත් වී තිබේ.
එහිදී හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ 28 සිනමාපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි විසිනි.
එම සිනමාපටයේම රඟපෑ මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා ලෙස නම් කර ඇත.
බහුචිතවාදියා චිත්‍රපටය වෙනුවෙන් ද සාර්ක් උළලේදී සම්මාන 2 ක් හිමිවිය.
එහිදී මාලක දේවප්‍රිය හට විශේෂ ජුරි සම්මානයක් ලැබුණු අතර හොඳම ශබ්ද නිර්මාණය සඳහා සසික රුවන් මාරසිංහ වෙත සම්මාන ලැබුණි.