ශ්‍රී ලාංකීය සිනමාපට සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කිරීමට කානිවල් මූවිස් ලංකා සමාගම කටයුතු කරමින් සිටියි.
එහි පළමු පියවර ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නගේ යශෝධරා සිනමාපටය සිංගප්පූරුවේ කානිවෙල් සිනමාස් හි ප්‍රදර්ශනය ආරම්භ කර ඇත්තේ හෙට දින එනම් ජූනි මස 02 වැනිදා සිට ය.
කානිවල් මූවිස් ලංකා සමාගම විසින් මෙරටට හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් චිත්‍රපට ආනයනය කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
පල්ලවී සුභාෂ්, ඒ චෞද්රි යන භාරතීය රංගන ශිල්පින් යුවළ සමඟ දිනෙත් ද සිල්වා, කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිඳු දොඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුවී ලක්මලී ඇතුළු පිරිසක් යශෝධරා චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දී ඇත.
එහි ගී පද රචනය , සංවාද රචනය සහ තිර රචනය නිම වී ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.
කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, සංස්කරණය රුක්මල් නිරෝෂ්, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ, නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, නිෂ්පාදන කළමනාකරණය මනෝහාරී හේවාවසම්, නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ. ඩී. රන්ජිත් කුමාර සහ නිමල් විජේසිරි වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, වස්ත්රාභරණ නිර්මාණය තිළිණ හෙට්ටිගමගේ ගෙනි.
ගායනා හඳුන්වා දෙන ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි, ඉමෝකා අහංගම සමඟ ආචාර්ය විශාරද නන්දා මාලිනීගෙනි.
සරසවි සිනෙරු වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කරන මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනය කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්ද්‍ර හපුතන්ත්‍රී, චාන්ද්රී හපුතන්ති්රය.