ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසි හෘදයාබාධ තත්වයක් නිසා ඔහු මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන පිහිටි සිය නිවසේ දී යි.
මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.
මෙරට තුල ඉතා ජනප්‍රිය චරිතයක් වූ හේම නලින් කරුණාරත්න මැලේසියාව, ජර්මනිය හා ලන්ඩන් නගරයේ ජනමාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හැදෑරු මාධ්‍යවේදියෙකි.
අන්තර්ජලාය හරහා විකාශය වන HTV (Heritage TV) හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ හේම නලින් කරුණාරත්න මහතා ජ්‍යෙෂ්ඨ රූපවාහීනී වැඩසටහන් අධ්යක්ෂවරයෙක් ලෙසද කටයුතු කළේය.
ඔහු ස්වර්ණවාහිනී හා ජාතික රූපවාහිනිය ඇතුළු රූපවහිනී ආයතන කිහිපයකටම සිය දායකත්වය ලබාදුන්නේය.