ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිර්මාණශීලි ලේඛකයන්ගේ කෘති ඇගයීම් හා දිරිගැන්වීමේ අරමුණින් සිව් වැනි වරටත් සංවිධානය කරන “ෆෙයාවේ ජාතික සාහිත්‍ය සම්මාන” සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු වේ.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නවකතා මේ සඳහා ඉදිරිපත් කළ හැකි බව එහි සංවිධායකයෝ පවසති.
ආදාල භාෂා කාණ්ඩයේ නවකතාව වෙනුවෙන් රුපියල් 500,000 බැගින් ප්රදානය කිරීමට නියමිත අතර සම්මානය සඳහා නිර්දේශ වීම වෙනුවෙන් මේ සෑම නවකතාවකටම රුපියල් 100,000 බැගින් හිමිවනු ඇත.
2017 ජූනි 1 වැනිදා සිට 2018 මැයි 31 වැනිදා යන කාලය අතරතුර පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද කෘතීන් තරගයට ඉදිරිපත් කළ හැකිය.
නිර්මාණ, ජූලි 25 වැනිදා සවස 5 ට ප්‍රථම අදාළ ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය.
අයදුම්පත් සඳහා www.fnla.lk වෙබ්අඩවියට පිවිසෙන්න.
වැඩි විස්තර දුරකථන අංක: 077 5533121/ 077 4462285 විද්‍යුත් ලිපිනය:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.