Iflix ශ්රී ලංකා විසින් සංවිධාන කෙරෙන කෙටි චිත්රපට තරගාවලියක් සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු වේ.
තරගය සඳහා සුදුසුකම් ලබන සියලුම නිර්මාණ Iflix වෙබ් අඩවියේ පළ කෙරෙන අතර ජූලි 1 වැනිදා සිට 31 වැනිදා දක්වා එනම් තරග සංවිධායකයන් ලබාදෙන කාලසීමාව අතරතුර වැඩිම පිරිසක් නැරඹු සිනමාපටයට එහිදී ජයග්රහණය ලැබෙනු ඇති බව සංවිධායකයෝ පවසති.
ඒ අනුව විවෘත කාණ්ඩයේ ජයග්රාහකයාට රුපියල් ලක්ෂයක් ද අනිත් කාණ්ඩ 5හේ ජයග්රාහකයන්ට රුපියල් 25,000 බැගින් ද හිමි වීමට නියමිතය.
වයස අවුරුදු 18 වැඩි ඕනෑම ශ්රී ලාංකිකක් මේ සඳහා සුදුසුකම් ලබන අතර සිංහල, දෙමල සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන්ම චිත්රපට ඉදිරිපත් කළ හැකිය.
ඔබ සතුව පවතින හෝ අලුතින් නිර්මාණය කළ මිනිත්තු 40 ට අඩු කෙටි චිත්රපට තරගාවලියට සුදුසුකම් ලබයි.
එසේම තරගකරුවෙක්ට එක් නිර්මාණයකට වඩා ඉදිරිපත් කළ හැකිය.
ජූනි 1 වැනිදා සිට 30 වැනිදා දක්වා නිර්මාණ භාර ගැනෙන අතර ජයග්රාහකයන් අගෝස්තු 1 වැනිදා නිවේදනය කෙරෙනු ඇත.
වැඩි විස්තර සඳහා http://ow.ly/cKb330klkKJ, http://ow.ly/767D30klkOM ලින්කුවලට පිවිසෙන්න.