අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රවීණ සාහිත්‍යධර සෝමවීර සේනානායකයන්ගේ අවසන් කටයුතු අද (11 දා) පස්වරුවේ මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකෙරේ.
පස්වරු 3.00 ට බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසු දේහය මහරගම ගොඩිගමුව සුසාන භූමිය වෙත රැගෙන යැමට නියමිතය.
නවකතාව, කෙටිකතාව, පුවත්පත්, සිනමාව හා රූපවාහිනිය ආදී මාධ්‍ය ක්ෂේත්‍ර රැසක නිපුණතා පළකළ සෝමවීර සේනානායක මහතා නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කරමින් දශක හතරකට වැඩි කාලයක් විශිෂ්ට සාහිත්‍ය මෙහෙවරක නියෑළුණු ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකි.
ආදරයට බය මිනිස්සු නවකතාවෙන් ඇරඹුණු ඔහුගේ නවකතා කලාව නවකතා 12 කින් සමන්විත විය. ඉන් මවකගේ ගීතය, යශෝරාවය සහ මැණික් නදිය ගලාබසී රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගත්තේය. කෙටි කතා, ළමා සහ යොවුන් සාහිත්‍ය පොත්, ශාස්ත්‍රීය පොත්, විචාර සහ නිර්මාණශීලී ලේඛනය පිළිබඳ පොත්, චරිතාපදාන, පරිවර්තන ඇතුළු ඔහු ලියා ඇති නිර්මාණ ග්රන්ථ සංඛ්‍යාව තිහකට අධිකය. පළිඟු මැණිකේ, මැණික් නදිය ගලාබසී, දූ දරුවෝ ඇතුළු රූපවාහිනි මාලා ටෙලි නාට්‍ය 28 ක්, මෙහෙව් රටේ, පාරමිතා, සිත නිවන කතා, සංසාරේ පියසටහන් ඇතුළු ඒකාංග ටෙලි නාට්‍ය 253 ක්, වාර්තා තිර රචනා 40 ක් සහ පෙති ගෝමර, සත්වැනි දවස, ආරාධනා, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ ඇතුළු චිත්‍රපට තිර රචනා 12 ක් රචනා කරමින් ඔහු මෙරට රූපවාහිනි තිර රචනා කලාවේ ප්‍රමුඛයා බවට පත්විය. සෝමවීර සේනානායක මහතා මෙරට ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි කළ සේවය වෙනුවෙන් 2002 වසරේදී ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවේය.
පාලිත සේනානායක