ලෝක ප්‍රකට ටෙලි මාලාවක් වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් සඳහා පූර්ව කතා මාලාවක් එක් කිරීමේ සුදානමක් පවතින බව HBO ආයතනය නිවේදනය කර තිබේ.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කෘතිය රචනා කළ ජෝර්ජ් ආර්.ආර්. මාටින්, බ්‍රිතාන්‍ය තිර රචිකා ජේන් ගොල්ඩ්මන් සමඟ එක්ව මෙම නව නිෂ්පාදනය රචනා කර ඇත.
සිහසුන(Iron Throne) වෙනුවෙන් යුද වැදීමට වසර දහස් ගණනකට පෙර කාලවකවානුව පාදක කරගනිමින් නියමු කතාංගයක් සෑදීමට ඒ අනුව HBO සමාගම උපදෙස් දී තිබේ.
කෙසේ වෙතත් 2019 වසරේ විකාශනය කිරීමට නියමිත ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් ටෙලි මාලාවට ප්‍රථම මෙම නව නිෂ්පාදනය විකාශනය නොකිරීමට ද ඔවුන් තීරණය කර ඇත.
වීරයන්ගේ ස්වර්ණමය යුගයෙන් බොහෝ විට එය ආරම්භ කරනු ඇති බව ද ඔවුන් පවසයි.
එසේම ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි වත්මන් චරිත එහි දක්නට නොලැබෙනු ඇත.
“වීරයන් සිටි ස්වර්ණමය යුගයේ සිට අඳුරු යුගය දක්වා ලෝකය ගමන් කළා,” යනුවෙන් නිවේදනයක් නිකුත් කළ HBO සමාගම පවසයි.
“වෙස්ටරෝස් හි බිහිසුණු රහස් සැඟව ගිය ඉතිහාසයේ සිට වයිට් වෝකර් සැබෑ උත්පත්තිය දක්වා, නැගෙනහිර අභිරහස්වල සිට ස්ටාර්ක් පුරාවෘතය දක්වා.... අපි දන්නවා කියලා හිතාගෙන ඉන්න කතාව නෙවෙයි මේ.”