“ආදරේට හැඩයක් නෑ..
ආදරේට රුපයක් නෑ..
ආදරේ ශරීරයක් නැතී
චන්ඩ කුණාටුවකී...
දොරගුළු දමන්න පුළුවන්නම්
ආදරේට දොරගුළු දමන්න
සිරකර තියන්න පුළුවන්නම්
ආදරේ සිරකර තියන්න..”
ලූෂන් බුලත්සිංහලගේ නවතම සංගීතමය නාට්‍ය නිර්මාණය “වෙස්මූණ ගලවන්න” ජූලි 12-13 සවස 7ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත කෙරේ.
සංගීතය හර්ෂ බුලත්සිංහල විසින් සිදු කර ඇති අතර රංග වින්‍යාසය ජෙරොම් ද සිල්වා විසිනි.