නව පරපුරේ රංගන ශිල්පිනියක වන සුරංගි කෝසලාට
සීතාට පණ පෙවීමට අවස්ථාවක් හිමි වි තිබෙනවා.
ඒ අනුව නාමල් වීරමුණි ගේ රාවණා වේදිකා නාට්‍යයේ සීතාගේ චරිතයට තමයි ඇයට රංගන දායකත්වය ලබාදෙන්න අවස්ථාව උදාවෙලා තියෙන්නේ.
වෘත්තියෙන් නාට්‍ය හා රංග කලා ගුරුවරියක් ලෙස සේවය කරන ඇය මේ සියලු කටයුතු සමබරව සිදු කරගෙන යන ආකාරය ගැන පුවත්පතක් වෙත මෙසේ සිය අදහස් ප්‍රකාශ කර තිබුණා.
‘‘හැමදේම බැලන්ස් එකේ කරගෙන යනවා. ළමයින්ගේ වැඩනම් කිසිම වේලාවක අතපසු කරන්නේ නැහැ. ඊට අමතරව මල්වඩම් අනවශ්‍යයි වේදිකා නාට්‍යය සමඟත් සම්බන්ධ වෙලා වැඩ කරමින් ඉන්නවා."