තමන් භාරගත් ලිංග විපර්යාසයකට ලක්වූවකු ගේ චරිතය අතහැරීමට
හොලිවුඩ් නිළි ස්කාලට් ජෝහැන්ස්සන් තීරණය කර තිබේ.
ඒ LGBT ප්රජාවෙන් ඇය වෙත එල්ල වූ චෝදනා නිසාවෙනි.
ද ඇවෙන්ජර්ස් සිනමාපටයෙන් ජනප්රියත්වයට පත් මෙම රංගන ශිල්පිනිය, 1970 ගණන් වල ඇමරිකාවේ පිට්ස්බර්ග් නගරයෙහි විසූ දාන්තේ ටෙක්ස් ගිල් නම් අපරාධ නායකයෙකුගේ චරිතයට රංගන දායකත්වය ලබා දීමට නියමිතව සිටියා ය. ඒ “රබ් ඇන්ඩ් තග්” චිත්රපටය වෙනුවෙනි.
රංගන ශිල්පිනි ස්කාලට් ජෝහැන්සන් වෙත විවේචන එල්ල කළ සමහරක් පිරිස් පවසා ඇත්තේ ලිංග විපර්යාසයට ලක්වූවකුට හිමිවන්නට තිබූ මෙම චරිතය ඇය විසින් භාර ගැනීම අනුමත කළ නොහැකි බවයි.
එක්සත් ජනපද ඔබිචුඅරි පුවත්පතට අනුව 2003 දී මියගිය දාන්තේ, උපත ලබා ඇත්තේ ජීන් ගිල් ලෙස ය. පසුව මිස්ටර් ගිල් ලෙස හඳුන්වා ඇත්තේ ද මෙම තැනැත්තිය යි.