හඳ රාහූ මුඛයේහී ගිලුනා ලෙසේ (මාතලන්-1955), මනරංජන දර්ශනීය ලංකා (සුජාතා-1953), පෙම් රැල්ල නැගී, සුමධුර වේ සුපිරිසිදු වේ අපෙ ආලේ,
මරනම් රැඟුමෙන් ආදී සිංහල ගී ඇතුළු විවිධ භාෂා වලින් ගීත රැසක් ගයා ඇති දකුණු ඉන්දීය ප්‍රකට ගායිකා කේ.රාණී පසුගිය සිකුරාදා (13) රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.
ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් කල්යාන් නගර් හි පිහිටි ඇගේ දියණියගේ නිවසේය.
කේ.රාණි මහත්මිය කන්නඩ, තෙලිඟු, මලයාලම්, දෙමල යන ද්‍රවිඩ භාෂා වලින් සේම හින්දි, බෙන්ගාලි, 'සිංහල' යන ආර්ය භාෂාවලින් ද ගී ගයා ඇති අතර ඇය උස්බැකිස්තාන් භාෂාවෙන්ද ගී ගයා තිබේ.
මිය යන විට 76 හැවිරිදිව පසුවූ ඇය ශ්‍රී ලාංකාව සහ අප රටේ ජනතාව පිළිබඳව අවස්ථා කිහිපයකදීම ප්‍රශංසා මුඛයෙන් කතා කර තිබිණ.
දමයන්ති ගමගේ