ජයන්ත චන්ද්‍රසිරි නවතම සිනමා නිර්මාණය “ඝරසරප” එළඹෙන අගෝස්තු 10 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනයට නියමිත ය.
ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම, සංගීතා වීරරත්න, තිස්ස ගුණතිලක, නුරාධිකා සේරසිංහ, අයිෂාරා අතුකෝරාල, අමිෂා කාවින්දි, කාවින්ද්‍යා අධිකාරී, දෙව්නක පෝරගේ ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගනයෙන් එක් වි තිබේ.
“ඝරසරප” ඉසුරු චිත්‍රපට වෙනුවෙන් අර්ජුන කමලනාත් නිෂ්පාදනයකි.
පසුගියදා පැවැත්වුණු සිනමාපටයේ මාධ්‍ය දර්ශනයෙන් පසු ක්ෂේත්රයේ කිහිපදෙනෙක් දක්වා තිබු අදහස් මෙසේය,
“ජයන්තගේ සිනමා ආනන්‍යතාව රැකගෙන කළ සිනමා කෘතියක් ලෙස මෙය නම් කරන්න පුළුවන්. ඔහු කොහොමටත් තාත්වික ශෛලියෙන් එහාට ගිය නාට්‍යමය භාවිතාවක් ඇතුලේ සිනමාව හසුරුවන්නෙක්, ඔහු රංගනයත් රූප රචනයත් දෙකම හසුරවන්නේ නාට්‍යමය අවකාශය ඇතුලේ. මේක මායාවත් තාත්විකත්වයත් අතර දෝලනය වන නිර්මාණයක් බව කියන්නත් පුළුවන්. ආදරය පිලිබඳ ඉතාම රසවත් අත්දැකීමක් ගෙනදෙන චිත්‍රපටයක් බවත් කියන්න පුළුවන්, අපි හැමෝම ආදරණිය මතකයන් එක්ක තනිවෙන්න කැමතියි කියල මම හිතනවා, ඒ මතකයන් එක්ක තනි වෙන්න ප්‍රේක්ෂකයාට කරන ආරාධනාවක්. මම හිතනවා මේක ඒවගේ අපුරු අත්දැකීමක් වේවි කියලා ප්‍රේක්ෂකයන්ට.” ප්‍රවීන සිනමා අධ්යක්ෂ අශෝක හඳගම.
“මම ජයන්ත දකින්නේ හරි අපුරු අන්දමේ ප්‍රේම කතා ගොතන්නෙක් හැටියට, සමනළ සන්ධ්වනියේදී අපිට රසවිඳින්න ලැබුණේ ඒ වගේ අපුරු ආදර කතාවක්. ඝරසරප ආරම්භ කරනකොට අපිට හිතෙන්නේ නැහැ මේ ප්‍රේම කතාවක් කියලා. ජයන්ත තුල සිටින මේ යෞවනයා ගොතන ප්‍රේම කතා අපිට දැනෙන විඳින්න පුළුවන් ඒවා. ඒ නිසා මම හිතනවා ඝරසරප කියන්නේ අපුරු අනුවේදනීය ප්‍රේමකතාවක් කියලා.” මහාචාර්ය සුනිල් ආරියරත්න.