ඉකුත් වසර තුල ලොව අනෙකුත් රංගන ශිල්පීන්ට වඩා වැඩිම ආදායමක් ඉපැයූ රංගන ශිල්පියා බවට ජෝර්ජ් ක්ලූනි පත්ව තිබේ.
සුප්රකට ෆෝබ්ස් සඟරාව එළිදැක්වූ නවතම වාර්ෂික වාර්තාවේ එන ගණනය කිරීම් වලට අනුව 57 හැවිරිදි ඔහු 2017 ජූනි 1 වැනිදා සිට ආරම්භ කරන ලද වර්ෂයක කාලය ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන 239 ක පෙර බදු ආදායමකට හිමිකම් කියා ඇත.
ඒ අනුව වැඩිම මුදලක් උපයන ජනප්රිය තරු අතර ජෝර්ජ් ක්ලූනිට දෙවැනි ස්ථානය හිමි වි තිබේ.
එහි පළමු ස්ථානය අත්කරගෙන සිටින්නේ ප්රකට හිටපු වෘත්තියමය බොක්සින් ක්රීඩකයකු වන ෆ්ලොයිඩ් මේවෙදර් විසිනි.
ඇමරිකානු රූපවාහිනී තරුවක් වන කයිලි ජෙනර් ගේ පසුගිය වසරේ ආදායම් තත්වය ඇමරිකානු ඩොලර් මිලියන 166.5 ක් වන අතර ඇයට හිමිවන්නේ තෙවැනි ස්ථානයයි.
වැඩිම මුදලක් ඉපැයූ ජනප්රිය තරු අතරේ පස්වැනි ස්ථානය “රොක්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ජනප්රිය රංගන ශිල්පී ඩ්වේන් ජොන්සන් හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව වැඩිම මුදලක් උපයන නළුවන් අතරේ ඔහුට හිමිවන්නේ දෙවැනි ස්ථානය යි.