රැප් ගායක ෆිල් ටී මෑතකදී නිකුත් කළ මතබේදයට තුඩු දුන් ගීතයක් වු “මල්ලි” යූ ටියුබ් ජාලයෙන් ඉවත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
කලාකරුවන්ගේ සංගමයක් සහ ගීතය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ මත දැරූ පුද්ගලයින් විසින් පැමිණිලි යොමු කිරීම මේ සඳහා හේතුව වි ඇති බව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ෆිල් ටී චෝදනා එල්ල කර තිබේ.
කෙසේ වෙතත් සමාජ ගැටළු පිළිබඳ කියවෙන තවත් නිර්මාණ නුදුරේදීම එළිදක්වන්නට තමන් සුදානම් බවත් ඔහු සඳහන් කළේය.