ඉන්දීය ප්‍රකට රූපවාහිනී ටෙලි මාලාවන් සඳහා රංගන දායකත්වය සැපයු ප්‍රවීන රංගන ශිල්පිනි රීටා බහදුරි අභාවප්රප්ත වි තිබෙනවා.
මියයන විට ඇය 62 හැවිරිදි වියේ පසුවි ය.
රීටා බහදුරි සිය දිවියෙන් සමුගත් බවට සඳහන් පුවත ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් රංගන ශිල්පී ශිෂිර් ශර්මා තහවුරු කර තිබේ.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 17 වැනිදා අන්දේරි ප්‍රදේශයේ පර්ශිවාදා හිදී සිදුකළ බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
අමනාත්, කුම්කුම්, චෝටි බාහු, හස්රතෙන් වැනි ප්‍රකට රූපවාහිනී ටෙලි නාටක සඳහා රීටා බහදුරි සිය රංගන දායකත්වය සපයා තිබුණි.