“සවුන්ඩ් ඇන්ඩ් ඉමේජ් චැලේන්ජ්” අන්තර්ජාතික සිනමා උළල 2018 කෙටි චිත්‍රපට තරග අංශයේ ජුරි සභිකයෙක් ලෙස නිර්මාණ ශිල්පිනි ලංකා බණ්ඩාරනායක තේරී පත්වී තිබේ.
මෙම කෙටි චිත්‍රපට උළෙල එළඹෙන දෙසැම්බරයේ දී චීනයේ මැකාවො හිදී පැවැත්වීමට නියමිත ය.
SHORT නමින් සිදු කෙරෙන කෙටි චිත්‍රපට තරගය ෆික්ෂන්, ඩොකියුමන්ට්‍රි සහ ඇනිමේෂන් අංශ තුනකින් සමන්විත වේ.
එම තරග විනිශ්චය සඳහා මූලික වශයෙන් ජුරි සභිකයන් 13 දෙනෙකු පත්කර ඇති බව උළලේ සංවිධායකයින් සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
“සම්ප්රදාය” කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් අන්තර්ජාතික වශයෙන් ඇගයීමට පාත්‍ර වූ නිර්මාණ ශිල්පිනි ලංකා බණ්ඩාරනායක ඒ අතරට තේරී පත්වී ඇත.
මිට අමතරව කෙටි චිත්‍රපට උළලේ දී SOUND නමින් සංගීත වීඩියෝපට තරගයක් ද ෆෙස්ටිවල් පෝස්ටර් නමින් තරගයක් ද පැවැත්වේ.
“සවුන්ඩ් ඇන්ඩ් ඉමේජ් චැලේන්ජ්” උළෙල 9 වැනි වතාවට සංවිධානය කෙරේ.