සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම සහ එකම කාන්තා සභාපතිනිය වූ සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය ලක්වාසීන් සියලු දෙනාගේ සෝසුසුම් මැද අද (29) පස්වරුවේ සදහටම දැයෙන් සමුගනී.
දේහය පිළිබඳව අවසන් කටයුතු කිරීමට නියමිතව ඇත්තේද කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදීය.
අද (29) පස්වරු 3.00ට පමණ එතුමියගේ දේහය පිළිබඳ ආදාහන උත්සවය පැවැත්වීමට නියමිතය. මේ වනවිට පුංචි බොරැල්ලේ එතුමියගේ නිවසේ තැන්පත් කර ඇති දේහය පස්වරු 2.30ට පමණ නිවසින් රැගෙන යාමට නියමිතය.
මියයන විට 81 වන වියේ පසුවූ ඇය ප්‍රකට ව්‍යාපාරිකයකු සමාජ සේවකයෙකු සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම සුමති සමූහ ව්‍යාපාරයේ ආදි කර්තෘ නැගීසිය යූ.ඩබ්ලිව්. සුමතිපාල මහතාගේ ආදරණීය භාර්යාව වූවාය.
සබැඳි පුවත්