ශ්රී ලංකා රාජ්ය ඡායාරූප උළෙල 2018 ජනාධිපති මෛත්රිපාල සිරිසේන ප්රධානත්වයෙන් එළඹෙන අගෝස්තු 19 වැනිදා පස්වරු 2.30 ට ආරම්භ කිරීමට නියමිත ය.
ඒ නෙළුම්පොකුණ රඟහලේදී ය.
උළෙලේ සම්මානලාභී ඡායාරූප හා තෝරාගත් ප්රශස්තතම ඡායාරූප ඇතුලත් ප්රදර්ශනයක් අගෝස්තු 20 හා 21 දෙ දින පුරා පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
රාජ්ය මැදිහත්වීම තුළ උසස් ප්රමිතියකින් යුත් නිර්මාණශීලි ඡායාරූප කලාවක් බිහිකිරීමේ සහ ප්රබුද්ධ ඡායාරූප රසඥතත්වයක් ඇති කිරීමට දායක වීම අරමුණ ඇතිව සංවිධාන කළ මෙම තරගය අංශ 5 ක් යටතේ පැවැත්විණි.