නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛක වී.එස්. නායිපෝල් අභාවප්‍රාප්ත වී තිබේ.
ලන්ඩන් නුවර පිහිටි සිය නිවසේ දී මියයන විට ඔහු 85 හැවිරිදි වියේ පසුවිය.
1932 දී ට්‍රිනිඩෑඩ් හි උපත ලැබූ මෙම ලෝක ප්‍රකට නවකතාකරුවා “අ බෙන්ඩ් ඉන් ද රිවර්” ඇතුළු ග්රන්ථ 30 කට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබුණි.
ලේඛක වී.එස්. නායිපෝල්ගේ පළමු කෘතිය “ද මිස්ටික් මස” රචනා කරනු ලබන්නේ 1951 දී ය.
ඉන් දශකයකට පසු රචිත, ඔහුගේ අග්‍රගණ්‍ය කෘතියක් ලෙස සලකන “අ හවුස් ෆො මිස්ටර් බිස්වාස්” ලිවීමට ඔහුට වසර තුනක් ගතව තිබුණි.
ඔහු 1971 දී බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2001 දී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබිය.