ගීතා කුමාරසිංහ ලංකාවේ සිනමාවට එක්වූයේ 'ලස්සන කෙල්ල' සිනමා පටයෙනි. ඇය ලංකාවේ ජනප්‍රිය සිනමාවේ ලස්සන කෙල්ල විය.
ඇය ආචාර්ය තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ චිත්‍රපටයේ මෙන්ම සුමිත්‍රා පීරිස් ගේ මායා,ලොකු දුව, එච්ඩී පේ‍්‍රමරත්නගේ පාලම යට වැනි චිත්‍ර පටවලද උදයකාන්ත ගේ රන්දිය දහර චිත්‍රපටයේ ද රංගනයෙන් දායක විය. ගීතා පසු කලෙක චිත්‍රපට නිෂ්පාදිකාවක් බවට පත්විය. ඇය ජනප්‍රිය නිළිය ලෙසින් සම්මාන ද ලබාගෙන තිබේ. ගීතා පසු කලෙක ක්‍රිෂ් නැමැති ස්විටිසර්ලන්ත ව්‍යාපාරිකයෙකු හා විවාහ විය. ගීතා හා ක්‍රිෂ්ට තාරිකා නම් දියණියක් සිටී. ඇය මේ වනවිට විවාහ වී ලංකාවෙන් බැහැර වාසය කරන්නීය.
2005 වසරේ තුලාව වැඩ සටහනින් දේශපාලනය පිළිබඳව ගීතා ප්‍රථමයෙන්ම කතා කළා අපට මතකය. ඉන් අනතුරුව ගීතා දේශපාලන බිමට අවතීර්ණ විය. ඇය සිය ගම්පලාතෙන් ජන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්වුවත් රටවල් දෙකක පුරවැසි බාවය තිබීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු අසුන අහිමිවිය. ඉන් අනතුරුව එම හිස්තැනට පියසේන ගමගේ, මන්ත්‍රීවරයා ලෙස පත්විය.
ගීතා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පැවසුවේ ඇය සිය සැමියාගෙන් දික්කසාද වන බවයි. ඒ පුරවැසිබාවය අත් හැර යළි ක්‍රියාකාරී දේශපාලනය තම විවාහයට වඩා වටිනා බැව් තේරුම් ගෙන ඇති නිසාය. මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහනය වෙනුවෙන් ගීතා කුමාරසිංහ කැප කර ඇත්තේ තම පවුලය. සැමියා හා දියණිය ට වඩා ඇය ආරක්ෂා කරන්නේ කැප වන්නේ ලංකාවේ ජනතාව වෙනුවෙනි. මහින්ද රාජපක්ෂ ගේ දේශපාලනය වෙනුවෙනි.ඇය කරන ලද කැපවීම පිළිබඳව ඇය ප්‍රකාශ කළේ ඇඩු කඳුලින් යුක්තවය.
බලය පිළිබඳ ඇතිවන උවමනාව, ආශාව අත් හැරිය නොහැක්කකි . ගීතාටද අත් නොහැරිය හැක්කේ බලයට ඇති ආශාවය. ඒ උමතුවයි. ගීතාගේ වයස 60 ද ඉක්මවා ගොසිනි. ගැහැනියක ලෙස ඇයට සිනමාවද, පවුලද, දේශපාලනයද යන්න තෝරාගැනීමේ අයිතිය ඇත. නමුත් මේ දෙන පූර්වාදර්ශ කුමක්දැයි ඇයම නැවත විමසා බැලිය යුතුය. දේශපාලන බල තන්හාව වෙනුවෙන් ඇය තම සැමියා ව අත්හරින බව ප්‍රසිද්ධියේ පවසයි.
ගීතා කුමාරසිංහ වසර 37ක සිය විවාහයෙන් ලබන 26දා නීතියෙන් වෙන්වුවද ගීතා හා ක්‍රිෂ් අතර විවාහය කෙළවර වී තිබුනේ මීට වසර ගණනාවකට පෙර බව දන්නෝ දනිති.
ඇය මේ අඩමින් රවටන්නේ කාවද?