කූඹියෝ ටෙලි නාට්‍යයේ සංස්කාරණ ශිල්පියා සහ එහි තිරරචකයා ද වූ දමිත චන්ද්‍රසිරි අතුරු දහන්ව ඇති බවට වැලිකඩ පොලීසිය වෙත පසුගියදා පැමිනිල්ලක් කර ඇත.
දමිත ජීවත්ව සිට ඇත්තේ ඔහුගේ නාවල නවාතැන් පොලෙහිය. අනුරාධපුරයේ නිවසේද ඔහු සොයාගත නොහැකිවී ඇති බැවින් වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ ඔහුගේ මිත්රයෙකි.
ලක්මාල් ධර්මරත්න කූඹියෝ හි අධ්‍යෂවරයා සිය ෆෙස්බුක් ගිණුමෙහි මේ පිළිබඳව මෙසේ සටහනක් තබා තිබේ.
"පසුගිය ඔක් 24 දා සිට දමිත සහෝදරයා අතුරුදන් බව සත්‍යයකි.මා විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් දැමූ අතර මේ පිළිබද facebook ඔස්සේ දැනුවත් නොකළේ ඔහු නැවත පැමිණියහොත් ඔහු මුහුණ දෙන අපහසුතාව ගැන කල්පනා කිරීමෙනි. නමුත් දැන් එය පොදුවේ ප්රවෘත්ති මාධ්‍ය වෙත නිකුත්වී ඇතිනිසා එය සත්‍යයක් බව මෙසේ සනාත කරමි.
දමිතයාfacebook හෝ පාවිච්චි නොකළේ කිසිම මාධ්‍යක පෙනී නොසිටින්නේ පුද්ගලිකත්වය ඌ ඉතා අගයකල බැවිනි එබැවින් මගෙන් මීට කලකට පෙර දමිතයා ඉල්ලා සිටි පරිදි දිනක ඌ ගියහොත් සොයමින් කරදර නොකරන ලෙසට කළ ඉල්ලීම මගේ සහෝදරයා වූ ඌ වෙනුවෙන් මම හැකිපමණ ඉටුකරමි
මා facebook පිටුවේ කවරයේ චායාරූපය ලෙස දැමූයේ දමිතයා තම ලැප්ටොප් තිරයේ අන්තිමට දමාගෙන සිටි පිංතූරයයි
දමිතයා අන්තිම මොහොත දක්වා හැමවිටම ඉල්ලා සිටියේ ඌට නිදහස අත්‍යාවශ්‍ය බවයි ඉතිං ඌ ඒ නිදහසේ කොහේහෝ ඇතැයි මම විශ්වාස කරමි සහ ඒ නිදහසට මම බාධා නොකරන්නට උත්සාහ කරමි
මේ සම්බන්දයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර ඒ වෙනුවෙන් අපගේ උපරිම සහායදෙමින් සිටිමු
දමිත
උඹ කොහේහෝ සිට උඹේ Fake එකකින් හෝ කියවනවානම් අඩුම එක මැසේජ් එකකින් අපට උඹ ඉන්න බව කියන මෙන් ඉල්ලන අතර ඉන්න තැන කිසිසේත්ම අවශ්‍ය නැත
දමිතයාගේ කැමතිම චිත්‍රපටය කවදත් "Into the Wild " , ය.
මේ සටහන තබන්නේද දැන් මෙය ප්‍රවෘත්තියක් වී අවසන් නිසාවෙනි
ලකා
ලකාගේ සටහන කියවන විටම ඔහු එය ලියා ඇති රටාව තුළ චිත්‍රයක් පෙනේ. වැලිකඩ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බන පුවත් පත්හි වාර්ථා කර තිබිනි.
දමිත අතුරදහන්වී මාසයකට ආසන්න කාලයක් ගෙවී යමින් තිබේ.
අපි බලා ඉමු. දමිත නැවත ආපසු එන්නේ කවදාද.