රවීන්ද්‍ර ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද බල්ලොත් එක්ක බැහැ 2 නාට්‍යයේ 2018 වර්ෂය සඳහා අවසන් දර්ශණය දෙසැම්බර් 02දා සවස 3.30 ට සහ 7.00 ට කොළඹ ලයනල් වෙන්ට්ඩ් රංගහලේදී වේදිකා ගතවීමට නියමිතයි.
වර්තමාන දේශපාලන තත්ත්වයන් ද ඇුතුළත් කොට මෙහි පළමු පිටපත වෙනසකට ලක්කර කාලීන දේශපාලන ප්‍රහසනයක් බවට පත්කර තිබෙන බව එහි අධ්යක්ෂවරයා පවසයි.
මෙහි ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර ,චමිලා පීරිස්, චින්තක පීරිස්, සරත් කරුණාරත්න, සුසංග කහඳවල, රවීන්ද්‍ර ආරියරත්න රංගනයෙන් දායක වේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය ඇන්තනී සුරෙන්ද්රගෙනි. නාට්‍ය සංවිධානය කරණු ලබන්නේ ජූඩ් ශ්‍රීමාල් විසිනි.