නුවන් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා ගයාන් ගුණවර්ධන එකම වේදිකාවේ ගී ගැයීමට සූදානම් වෙනවා. 'තාත්තයි පුතයි' නමින් එම ප්‍රසංගය නම් කර ඇති අතර එම ප්‍රසංගය දෙසැම්බර් මස 9 වැනිදා හවස 6.30ට මහරගම තරුණසේවා සභාවේදී පැවැත්වෙනවා.
මෙම ප්‍රසංගය සඳහා ගීත 25ක් පමණ ඇතුළත් වනබව ගයාන් පවසනවා.
තාත්තයි මමයි අපේ ගීත ගයනවා. හින්දි ගීත වගේම ජෝතිපාල මහත්තයගේ ගීතත් ගායනා කරනවා. ඊට අමතර අපි දෙන්නම එකම ගීතය යුග ගීත විදියට ගයනවා.
මෙම තාත්තයි පුතයි ප්‍රසංගය සඳහා අමිලා නදීෂානි, උරේෂා රවිහාරි, චමිලා තුෂාරි හා කාවින්ද්‍යා අධිකාරී යුග ගායනයෙන් එක් වෙනවා.