කලාකරුවන් ඉහළට ඔසවා තබන්නේ ඒ රටේ ජනතාව විසිනි. අමිතාබ් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය Thugs Of Hindusthan චිත්‍රපටය ආදායම් වාර්ථා තබමින් තිරගත වේ.
අමිතාබ්ට ලොව පුරා ආදරය කරන රසික රසිකාවියන් විශාල පිරිසකි. තමන්ට ආදරය කරන ජනතාවට පෙරළා ආදරය දීම පරිත්‍යාගයකි. මනුස්සකමකි.
අමිතාබ් තම මව්බිමේ ගොවි ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉෂ්ට කර ඇත. ඒ ගොවීන් 1398 දෙනෙකුගේ ගොවි ණය ගෙවා දමමිනි.
ඒ බව ඔහු සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබින.
එම සියළු ගොවියන් අමිතාබ්ගේ උපන් ගම වූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවියන්ය. මෙරට ගොවියන් මෙන්ම ඔවුන්ද දැඩි නියගය,වගා බිම් පාලුවීම්, නිෂ්පාදන ක්ෂයවීම් මෙන්ම නූගත්කම විසින් බහුලව පීඩාවට ලක්වන කොටසකි .ඉන්දියානු ගොවීන් දස දහස් ගණනක් මේ ණය බරින් පීඩාවට පත්ව සිටිති. සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් සිය පෞද්ගලික ධනයෙන් මෙසේ ගොවි ණය ගෙවා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර දීම තුළින් ඔහුගේ මනුෂ්‍යත්වය පෙන්නුම් කරයි.
අමිතාබ් ඉන්දියානු රුපියල් මිලියන 40ක ට අධික ණය ප්‍රමාණයක් ඉන්දියාවේ Bank Of India බැංකුව වෙත ගෙවා ඇත.
මහාරාෂ්ට ප්‍රාන්තයේ ගොවීන් 350ක ගේද ගොවිණය ගෙවා දැමීමට අමිතාබ් බච්චන් ක්‍රියා කර ඇත.