ලංකාවේ ගායක ගායිකාවන් නළු නිළියන් තම තමන්ගෙ වෘත්තීය කලා කටයුතු අතරට වෙනත් වෙනත් දේ කරන්න පෙළඹෙනවා. සමරු ව්‍යාපාර පටන් අරන් කරගෙන යනවා තමන්ගෙ ආර්ථිකය ශකත්මත් කරන්න. ඒත් ඊට හාත්පසින්ම වෙනත් කර්තව්‍යක යෙදිලා ඉන්න කෙනෙක් තමා රුවන් හෙට්ටිආරච්චි. ඔහු තරුණ අය අතර ජනප්‍රිය වූ ගායකයෙක්.
කොහොමවුනත් රුවන් කරන මේ කටයුත්ත පිළිබඳව ඔහු පුවත්පතකට ප්‍රථම වතාවට මේ විදිහට හෙලිකරලා තිබුනා.
"හැමෝම මම ගැන දන්නේ ගායකයෙක් විදියටනේ. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මම මනෝ චිකිත්සන උපදේශනයේ යෙදෙන බව. යම් යම් හේතු නිසා මානසිකව කඩා වැටුණු අය ඉන් මුදවලා ඒ අයගේ මනස ශක්තිමත් කරන්න, පවුල් ආරවුල් හින්දා වෙන් වන්නට යන අඹු සැමියන්ගේ ගැටලුවලට උපදෙස් දීලා ඒ පවුල් ජීවිත යළි ගොඩ නගන්න මම සෑහෙන වෙහෙසක් ගන්නවා. මගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට මේ වෙද්දී බිඳිලා යන්න ගිය විවාහ ජීවිත කීපයක්ම මගේ උපදේශනයෙන් යළි එක්තැන් වෙලත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, විශාල මානසික කඩා වැටීමකට ලක්වෙලා ජීවිතයම අවුල් වෙලා ගිය අපේ ජනප්‍රිය කෙනෙකුත් මගේ උපදේශනයෙන් අද වනවිට සාර්ථක ජීවිතයක් ගත කරනවා".
මේ විදහට කවුන්සිලින් කරන කෙනෙකට ඒ පිළිබඳව හොඳ අධ්‍යනයක් තියෙන්න ඔිනෙ. හැබැයි ඒ මුදල් අය කරලා වෘත්තීය මට්ටමෙන් කරනවනම්.
වර්තමානයේ ලංකාවේ හුගක් අය මානසික පීඩනයෙන් ආතතියෙන් පෙළෙනවා. කුඩා දරුවන්ගේ සිටම මේ තත්ත්වය තිබෙනවා. තරගකාරී අධ්‍යාපන රටාව සහ ක්‍රමවේද නිසා සහ දෙමව්පියන්ගේ අවදානය දරුවන්ට නිසි ලෙස යොමු නොවීම නිසා. එමෙන්ම වැඩිහිටියන්ටත් මේ ආකාරයෙන්ම මානසික ආතතිය විවිධ හේතු නිසා ඇතිවනවා පමණක් නොවේ මේ නිසාම පවුල් තුළ විවිධ ආරවුල් ඇතිවෙනවා. ඉතින් මේ අනුව බලනකොට රුවන් කරන්නෙ සමාජ මෙහෙවරක්.
රුවන්ට මේ සම්බන්ධව තියෙන සුදුසුකම මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් රුවන් ඊට දීලා තිබුනෙ මේ වගේ පිළිතුරක්.
"ඉස්සර අපේ පවුල තුළ ලොකු ලොකු ගැටලු තිබුණා. ආර්ථික ගැටලු හින්දා තමයි මේ විදියේ ප්‍රශ්න ගොඩක් ඇති වුණේ. එතකොට අපි හිටියේ නුවර.මම ගැටවර වයසේ.මේ ප්‍රශ්න හින්දා මම ජීවිතේ ගැන ගොඩක් කළකිරිලයි හිටියේ. අපි කතෝලිකයෝ. මම මගේ මානසික ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන ගියේ පල්ලියටයි. ඒ තුළින් මම ආගමට දැඩි විදියට නැඹුරු වුණා. යාච්ඤාව තුළින් මගේ මනස ශක්තිමත් වුණාග ජීවිතය අලුත් වුණාග ඒත් එක්කම මම මනෝ විද්‍යාව ගැන පොත පත කියෙව්වා. වයස 20 - 22 වෙද්දී මම මානසික වශයෙන් ගොඩක් හොඳ තැනකට ඇවිදින් හිටියාග ඊට පස්සේ මම කළේ මගේ යාළුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන එකයි. මගෙන් උපදෙස් ගත්තු ඒ තුළින් ජීවිත සාර්ථක කරගත්තු යාළුවෝ තව තව අයට මං ගැන කියලා තියෙනවා. මේ විදියට නාඳුනන අයත් මට කතා කරලා උපදෙස් පතන්න පටන් ගත්තාග ගායකයෙක් වෙලා කොළඹ ආවට පස්සේ මේ තත්ත්වය තව තවත් පුළුල් වුණා".
මිනිස් මනස බොහෝ දේවල් දරාගැනීමට ශක්තියක් තිබෙනවා වුනත් සමහර වෙලාවට පීඩනය දරාගන්න බැරි තැනකදී ජීවිතයෙන් සමුගන්න හිතෙනවා. ඒත් හොඳ යාලුවෙක් එක්ක කතා කරලා සමහරවිට ප්රශ්නවෙලින් පීඩාවෙන් යම් සහනයක් ලබාගන්න පුළුවන්වෙනවා.
රුවන් ගෙ ජීවිතයෙන් ගන්න තියෙන්නෙ රුවන්ට ජීවිතයෙ කරදර පැමිණි කාලයේ අවස්ථාවේ රුවන්ට ආගමික වශයෙන් තිබුන බැඳීමෙන් රුවන් ප්‍රයෝජන අරගෙන හිත සුවපත් කරගැනීම.
පීඩා විඳින කෙනෙකුට පුළවන් තමන් කැමති කෙනෙක් එක්ක කතා කරලා හිත සුවපත් කරගන්න. රුවන් එක්කත් කතාකරන්න පුළුවන් .