දැන් තිරගත වේ කියල ඊයෙ පත්තරේ තියෙන නිසා "මැතිව්" බලන්න වෙන්නප්පුවේ රමෝගා ගියා. ෆිල්ම් එක ඇවිත් නෑ. පත්තරේ නම නැති වුණත් වෙන්නප්පුවේ ෂැම්රොක් එකට කතා කළා. සඳුදා විතර එයි.පත්තරේ නැති වුණාට අපිත් පෙන්නනවා කිව්වා.
කොස්වාඩියේ දර්ශන රෑ 9.30 ට පෙන්නනවා කිව්වා. ඒ වෙලාවට යන්න බැරි නිසා මීගමුවෙ ඇන්ඩෘ හෝල් එකට කෝල් කළා. පත්තරේ අංකය වැරදි. නෝන කෙනෙක් තරහින් උත්තර දුන්නා. හලාවත රමෝගා එකට කෝල් කළාමත් පත්තරේ නොම්මරේ වැරදි. නෝන කෙනෙක් කාරුණිකව උත්තර දුන්නා. අන්තර්ජාලයෙන් නම්බර් එක හොයාගෙන කතා කළාම "මැතිව්" එන දිනයක් නෑ කිව්වා. ලංකාදීපේ දාල තියෙනව කිව්වම ඒක නං දන්නෙ නෑලු. කුලියාපිටියේ ශ්රීමහල් හෝල් එකට කතා කළාම කටවුට්, පෝස්ටර් ඇවිල්ල තියෙනවා. ඩවුන්ලෝඩ් ප්රශ්නයක්. පෙන්නන දවස කියන්න බෑ කිව්වා.
ඔන්න සිනමාවට ගිය කල. පත්තරේ ලොකුවට ලිස්ට් එක දානවා. ඒත් ෆිල්ම් එක නෑ. අනෙක ඩවුන්ලෝඩ් කරල e cinema විදිහට පෙන්නන බාල කොලිටියේ පිටපතවත් බලාගන්න විදිහක් නෑ. කොළඹින් පිට මෙහෙම කුඩම්මගෙ සැලකිලි වුණාම මිනිස්සු ෆිල්ම් බලයිද ? ප්රදර්ශක මණ්ඩල පත්තර වල බොරු දාන්නෙ ඇයි ? පිං පඩි ගන්න චිත්රපට සංස්ථාව නිදිද ? හෝල් වල පෙන්නන්නෙ කොයි ෆිල්ම් එකද කියල සංස්ථාව දන්නවද ? නැත්නම් ඔය සුදු අලිය පවත්වගෙන යන්නෙ මොකටද ?
දේශපාලන උවමනාවන් පසෙක තබා චිත්රපට ගැන දන්න, ඒ ගැන උනන්දු, තනතුරකට වඩා සිනමාවේ දියුණුව පතන සභාපති කෙනෙක් පත් කරන්න කවර ආණ්ඩුවකටවත් උවමනාවක් නැති හැටි...!
හෙන්රි වර්ණකුල සූරිය සහෘදයාගේ ෆේස්බුක් පිටුවෙනි.