ඔස්කාර් සම්මානලාභී ලොව ප්රමුඛ පෙලේ සිනමා අධ්යක්ෂවරයෙකු වූ ඉතාලි ජාතික සිනමාකරු Bernardo Bertolucciමෙලොවින් සමුගෙන ඇත.1941 මාර්තු 16 වන දින උපන් ඔහු මිය යනවිට 77 හැවිරිදිය.
Bernardo Bertolucci විසින් නිර්මාණය කරන ලදThe Last Emperor චිත්රපටය ඔස්කාර් සම්මාන නමයක් දිනාගැනීමට සමත්විය.The Conformist ,Last Tango in Paris, මෙන්ම Little Buddhaයන චිත්රපට ලොවපුරා වෙසෙන සිනමා ලෝලීන්ගේ ආකර්ශනය දිනාගැනීමට සමත්වූවා පමණක් නොව එම සිනමා නිර්මාණ පිළිබඳ කතාබහද ඇතිවිය.
කුඩා කලපටන් ලේඛන ක්ෂෙත්රයේ නියැළෙමින් සම්මානයට පවා පාත්රවූ බර්නාඩෝ තිර රචකයෙක් ලෙසද සිනමාව තුළ කටයුතු කළේය.ඔහුගේ පියාද කවියෙකු විය. ඔහුගෙන් ලද ආභාෂය ඔහුගේ ලේඛන ජීවිතය ගොඩ නගාගන්නට උපකාරීවී ඇත.
2011 කාන් සිනමා උළෙලේදී සිනමාව වෙනුවෙන් කරන ලද සේවය සඳහා ඔහු Palme d'Or සම්මානයෙන් පිදුම් ලැබීය. ඔස්කාර් සම්මාන මෙන්ම ලොව ප්රකට විචාරක සම්මාන රාශියක් ඔහු සිය නිර්මාණ වෙනුවෙන් දිනාගැන්මට සමත්විය.
ලෝක සිනමාවේ දැවැන්තයෙකු වූ ඔහු 26 දින ඉතාලියේ රෝම නගරයේදී සමුගත්තේ දිගු කාලීනව පීඩා විදි පිලිකාවක් හේතුවෙනි.
- ඔහු ලැබූ සම්මාන
- 1971: National Society of Film Critics Award for best director
- 1973: Nastro d'Argento for Best Director
- 1987: Academy Award for Best Director
- 1987: Academy Award for Best Adapted Screenplay
- 1987: Golden Globe Award for Best Director
- 1987: Golden Globe Award for Best Screenplay
- 1987: David di Donatello for Best Director
- 1987: David di Donatello for Best Script
- 1987: Nastro d'Argento for Best Director
- 1987: Directors Guild of America Award for best director
- 1997: Honorable Mention at the Locarno International Film Festival
- 1997: Award special visual sensitivity in directing at the Camerimage
- 1997: Award for collaborating director – director of photography (Vittorio Storaro) at Camerimage
- 1998: Recognition for free expression by the National Board of Review
- 2007: Golden Lion for his career at the Venice Film Festival
- 2011: Honorary Palme d'Or at Cannes Film Festival