The Lion King ඇනිමේෂන් චිත්රපටය නොබලපු සිනමා රසිකයෙක් සිටිනවානම් එය සිදුවිය නොහැකි තරමට The Lion King ලෝකය පුරාම සිනමා රසිකයින් නරඹන ලද අපූරු සිනමා නිර්මාණයක්. මෙම චිත්රපටය පළමු වරට තිරගත වුනේ 1994 වර්ෂයේදීයි. වසර 25කට පසු The Lion King නැවතත් සිනමා රසිකයින්ට දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ 2019 වසරෙදි.
වෝල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් වන The Lion King රචනා කර ඇත්තේ Jeff Nathanson විසින්. මෙය අධ්යක්ෂණය කර ඇත්තේ The Jungle Book මෙන්ම Iron Man 1 , සහ Iron Man2 අධ්යක්ෂණය කරන ලද Jon Favreau විසිනි.
මෙවර The Lion King චිත්රපටය සඳහා සිම්බාගේ (Simba) චරිතයට හඩ මුසු කරන්නේ Donald Glover විසිනි.
නාලාගේ( Nala) චරිතය ට බියොන්සේ Beyoncé ගේ දායකත්වය ලැබීම විශේෂත්වයකි. JD McCrary තරුණ සිම්බා ලෙසද, සිම්බාගේ පියාගේ චරිතයMufasa සඳහා James Earl Jones දායක වී තිබේ
පසුගිය නොවැම්බර් 22 වන දින The Lion King පළමු පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට එකතු කර පැය විසිහතරක් යන්නටත් කළින් ලොව පුරා වෙසෙන මිලියන 224,6 රසිකයින් මෙම පූර්ව ප්රචාරක සිනමා පටය නරඹා තිබේ.
මෙවර The Lion King චිත්රපටයේදී virtual-reality tools බාවිතා කළ බව එහි Visual Effects Supervisor Rob Legato පවසා තිබූ අතර,Virtual Production Supervisor Girish Balakrishnan ඔහුගේ වෙබ් අඩවියේ ද සඳහන් කොට තිබුනේ The Lion King චිත්රපටය සඳහා මෝෂන් කැප්චර්(Motion capture)VR(Virtual reality)/AR(Augmented reality) තාක්ෂණය බාවිතා කළ බවයි .
The Lion King 2019 ජූලිි මාසයේ 19දින තිරගත කිරීමට නියමිතය.