රට රැක ගැනීම අපේ යුතුකමක්
මෙරට පුරවැසියන් ලෙසින් කලාකරුවන් ද රටේ ප්රජාතන්ත්රවාදය, යුක්තිය ආරක්ෂා කිරීමට හඬ නැඟිය යුතු බව රංගන ශිල්පිනි ගම්යා විජයදාස පවසයි.
කලාකරුවන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 6 වැනිදා සවස 4 ට විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වෙන “යුක්තියේ හඬ” වැඩසටහනට සම්බන්ධ වන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් ද කරමින් ඇය මේ බව ප්රකාශ කළාය.
“අපේ රට රැකගැනීම අපේ යුතුකමක්. කලාකරුවන් කොයිතරම් දුරට දේශපාලනයට සම්බන්ධ විය යුතු ද කියන එක ගැන ප්රශ්නයක් තියෙනවා. නමුත් කලාකරුවන් ද අපේ රටේ පුරවැසියන්. ඉතින් පුරවැසියන් හැටියට තමයි අපි මේ යුක්තිය සහ යුක්තියේ හඬ ගැන කතා කරන්නේ. අපිට අද රටේ ප්රජාතන්ත්රවාදය ගැන ප්රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපිට ප්රජාතන්ත්රවාදය නැති වේගෙන යනවද කියන එක ගැන ප්රශ්නයක් තියෙනවා. අපි අපේ රටේ, අපේ දු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන්නේ අපි ඔවුන්ට ඉතුරු කරලා යන දේ ගැන හිතලයි. අපි අපේ රට කොයි ආකාරයෙන් ද අපේ අනාගත පරපුරට ඉතුරු කරලා තියෙන්නේ කියන එක ගැනයි. ඉතින් ශ්රී ලංකා මාතාව වෙනුවෙන් පක්ෂ පාට භේදයකීන් තොරව ඔබත් එක්වන්න.”