සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් රචිත නවකතා වෙනුවෙන් සම්මාන පිරිනැමීම වෙනුවෙන් ෆෙයාවේ හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන 'ෆෙයාවේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල' අද සවස 6.30 ට කොළඹ, ගෝල්ෆේස් හෝටලයේ ජුබිලි බෝල් රූම් හීදී පැවැත්වේ.
2017 වසරේ පළවූ සිංහල නවකතා සියයකට වැඩි ප්‍රමාණයක් අතුරින් අවසන් වටය සඳහා තෝරාපත් කර ගැනුණු නවකතා පහත දැක්වේ.
1. වරණ - පද්මිනී සෙනෙවිරත්න - විදර්ශන ප්‍රකාශන.
2. අත්තාණී කණු - සේපාලී මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශන.
3. තරු විසුල රැය - අරුණ ප්‍රේමරත්න - ෆුල් මූන් බුක්ස්.
4. දේශද්‍රෝහියාගේ නිර්මල හර්දය - තරංගනී රෙසිකා ප්‍රනාන්දු - සම ප්‍රකාශන.
5. බලව කඳුළු ගිනි ගනී - පී. බී. ජයසේකර - ෆාස්ට් පබ්ලිශිං.
මෙම නවකතා 5 අතුරින් හොඳම නවකතාව සඳහා ෆෙයාවේ සම්මානය සමග රුපියල් ලක්ෂ හයක මුදල් ත්‍යාගයක් හිමිවේ.
අවසන් වටය සඳහා නිර්දේශ වූ අනෙක් සියළු කෘතීන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග ලබා දීමට සංවිධායකයෝ කටයුතු කරති.
පැමිණීම ආරාධිතයන් සඳහා පමණි.