ෆෙයා වේ හොඳම සිංහල නවකතාව අරුණගේ 'තරු විසුල රැය'
2018 ෆෙයාවේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම සිංහල නවකතාව ලෙස අරුණ ප්‍රේමරත්න ගේ 'තරු විසුල රැය' ඊයේ (03) දින සම්මානයට පාත්‍ර විය.
ෆෙයාවේ හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන රාත්‍රිය පැවැත්වුනේ කොළඹ, ගෝල්ෆේස් හෝටලයේ දී ය.
2017 වසරේ පළවූ සිංහල නවකතා සියයකට වැඩි ප්‍රමාණයක් අතුරින් අවසන් වටය සඳහා නිර්දේශ වූ අනෙකුත් කෘති වන්නේ,
වරණ - පද්මිනී සෙනෙවිරත්න,
අත්තාණී කණු - සේපාලී මායාදුන්නේ,
දේශද්‍රෝහියාගේ නිර්මල හර්දය - තරංගනී රෙසිකා ප්‍රනාන්දු,
බලව කඳුළු ගිනි ගනී - පී. බී. ජයසේකර