පිළිකාවට එරෙහිව ගෙන යන සටන ගැන සොනාලි බෙන්ද්රේට ප්‍රශංසා
පිළිකා රෝගයකින් පිඩා විඳින බොලිවුඩ් රංගන ශිල්පිනි සොනාලි බෙන්ද්‍රේ පිළිකා රෝගයට එරෙහිව ගෙන යන සටන පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රශංසාවට ලක් වී තිබේ.
නිව්යෝක් නුවර සිට ප්‍රතිකාර ලබමින් සිටි ඇය තමන් ගෙන යන සටන මෙන්ම ලද අත්දැකීම් පිළිබඳව නිරතුරුවම සටහන් පල කළාය.
ඇයගේ එම ක්‍රියාව පිළිකා රෝගයෙන් පෙලෙන අනෙකුත් රෝගීන් දිරිමත් කරන්නක් බව බොහෝ දෙනකුගේ අදහස් වී ඇත.
මේ වනවිට නිව්යෝක් සිට ඉන්දියාවට පැමිණි 43 හැවිරිදි රංගන ශිල්පිනිය සුව අතට හැරෙමින් සිටින බව ඇගේ ස්වාමි පුරුෂයා ගෝල්දී බේල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
පිළිකා රෝගය මර්දනය කළ මුත් සටන තවම අවසන් නැතැයි සොනාලි ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත.