ඇමරිකාවේදී හිට් වූ “Crazy Rich Asians” චීනෙට ලොකු නැති ද?
ඇමරිකාවේදී ආදායම් වාර්තා තැබූ Crazy Rich Asians සිනමාපටය චීනය තුල එතරම් සාර්ථකත්වයක් අත්කරගැනීමට සමත් වී නැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
චීනය තුල මෙම සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ දෙසැම්බරයේ දී ය. ඒ පසුගිය අගෝස්තු මස එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් මාස හතරකට පසුව ය. චීනය ලොව වැඩිම ජනගහනයක් සිටින රටක් නමුත් ප්‍රදර්ශනය කළ පළමු දින තුනේ ඔවුන් ලැබූ සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ක් පමණක් විය.
ඒ අනුව ආසියානු සම්භවයක් සහිත රංගන ශිල්පින් ශිල්පිනියන් රංගන දායකත්වය සැපයු මෙම හොලිවුඩ් සිනමාපටය චීන බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණීමට අසමත් විය.
Crazy Rich Asians ලොව පුරා ප්‍රදර්ශනයෙන් මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 238 ක ආදායමක් ලබා තිබේ.