දෙසැම්බර් 31 දින රාත්රියේදී ඉන්දියාවේ බැංගලෝර් නගර මධ්‍යයේ සිදුවූ නව වසර සැමරුම් අතරතුරදී කාන්තාවන්ට සිදුවූ ලිංගික හිංසනය සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් සිය අප්‍රසාදය පළ කරමින් වීඩීයෝවක් එළි දක්වා තියනවා.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ආක්ෂේ පවසා ඇත්තේ මේවැනි සිදුවීම් දෙස බැලීමේදී අපි මානව සංහතියේ පිටු පසටම යනවා වගේ හැඟිමක් තමයි දැන්නේ යනුවෙනි.
” මට මිනිහෙක් වීම ගැන ගොඩක් ලැජ්ජයි. මගේ පවුලේ අය එක්ක අවුරුදු සමරලා ඔයාලටත් සුබ පතලා ආපසු මම ඉන්දියාවට එද්දී TV එකේ පුවතක් දැකලා මාව කම්පනයට පත් වුණා. Bangalore පාරේදී තරුණියක්ව වෛශ්‍යාවක් කරලා. හරිම ලැජ්ජයි. කාන්තාවන්ට ගෞරවයක් දෙන්න දන්නේ නැති මිනිස්සුට මම මිනිහෙක් කියලා කියන්න කිසිම අයිතියක් නැහැ.
වැඩිපුරම ලැජ්ජ හිතෙන දේ තමයි සමහරු මේ තරුණියට වෙච්ච අසාධාරණය තමන්ගේ වාසියට රේටින් වැඩි කරගන්න පාවිච්චි කරන එක. තරුණියන් කොට ගවුම් අදින්නේ ඇයි ? රෑට පාරේ යන්නේ ඇයි ? ලැජ්ජ වෙන්න ඕනේ ඔයාලා. තේරුම් ගන්න පොඩි තරුණියගේ ගවුම නෙමේ පිරිමි ඔයාලගේ හිතයි. දෙවියන්ගෙන් ඉල්ලනවා Bangaloreවල වෙච්ච දේ ඔයාලගේ බිරිඳට දියණියට නොවෙන්න කියලා.
මේ පහර වැඩ කරන අය වෙන ලෝකෙකින් නෙමේ එන්නේ අපේම රටේ ඉන්නේ. අපේම ගෙදර අහල පහල මේ සමාජයේ නිතරම සැරිසරනවා මේ අසහනකාරීන්. දැනුත් තියෙනවා කාලය හැදෙන්න ඔය මිනිස්සුන්ට. ඒ
ඒ වගේම මම කෙල්ලන්ටත් දෙයක් කියන්න කැමති. කොල්ලෝ ඉස්සරහ කවදාවත් ඔබ අසරණයි කියලා හිතන්න එපා. ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මාෂල් ආර්ට් එකක් හැදැරීමෙන් ඒ වගේ අවස්ථා වලින් ඔබට ගැලවෙන්න. කාටවත් ඔබේ සිරුර ඔබගේ කැමැත්තක් නැතුව අල්ලන්න දෙන්න එපා. අවදියෙන් ඉන්න කල්පනාවෙන් ඉන්න තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම ඔබේ ඇඳුම් ගැන ආයේ කවුරු හරි මොනවා හරි කියන්න අවොත් කියන්න. ඔබගේ උපදෙස් ඔබ ගාවම තියාගන්න, බොහොම ස්තුති, තමන්ගේ වැඩක් බලාගන්න කියලා.”
යනුවෙන් ඔහු පවසා සිටියේය.