සිය වෘත්තිමය ජීවිතයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඇමරිකානු ගායන ශිල්පී නික් ජෝනාස් උපාය මාර්ගිකව විවාහ කරගත්
බොලිවුඩ් රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා “කපටි කලාකාරිනියක්” යැයි ලියූ එක්සත් ජනපද මාධ්‍යවේදිනිය සමාව ඉල්ලා තිබේ.
මාරියා ස්මිත් නම් ඇය “මම ලියූ දේ ගැන සම්පුර්ණ වගකීම මම බාරගන්නවා, ඒ වගේම මම වැරදියි. ඇත්තටම මට කණගාටුයි,” යනුවෙන් ප්‍රකාශ කරමින් සමාව අයැද ඇත.
නිව්යෝක් කේන්ද්‍ර කරගත් The Cut නම් වෙබ්අඩවියේ පළ වූ එම ලිපිය ද ඉවත්කර තිබේ.
රංගන ශිල්පිනිය වෙනුවෙන් පෙනී සිටි බොහොමයක් ඉන්දියානුවන් The Cut වෙබ්අඩවියට චෝදනා කර තිබුණේ ඔවුන් ජාතිවාදය මතුකිරීමට උත්සහ ගන්නා බව පවසමිනි.
මෙම ලිපිය තමන්ගේ වෙබ් අඩවියට නොගැලපෙන බව සඳහන් කරමින් The Cut මින්පෙර සමාව ඉල්ලා තිබිණි.