රටේ අනාගතය ගැන කැක්කුමක් තියෙනවා නම් නිදහස වෙනුවෙන් අරගල කරන්න- උපුල් සන්නස්ගල
තමන්ගේ රටේ අනාගතය ගැන කැක්කුමක් තිබේ නම් සෑම පුරවැසියකුම නිදහස වෙනුවෙන් අරගල භුමිය නියෝජනය කළ යුතු බව ප්රවීන ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.
ඊයේ (12) දින ලිප්ටන් වටරවුමේ පැවැත්වුණු ප්රජාතන්ත්රවාදය උදෙසා අරගලය නම් විරෝධතාවයට එක් වෙමින් ඔහු මේ බව ප්රකාශ කර සිටියේ ය.
“මෙතන විවිධ කණ්ඩායම්, විවිධ පක්ෂ, විවිධ පුද්ගලයෝ, විවිධ ලේඛකයෝ, විවිධ සංවිධාන ඉන්නවා තමන්ගේ කුමන හෝ අයිතිවාසිකමක් දිනාගන්න. ඒ නිසා මම හිතනවා විවිධ පිරිස් සිටින විට තනි තනි පුරවැසියන්ටත් ඇවිත් හිටගන්න පුළුවන් ඔවුන් එක්ක. අපි අපේ ප්රශ්න පස්සේ විසඳගන්නවා ඉස්සරවෙලා ප්රජාතන්ත්රවාදයේ, නිදහසේ ප්රශ්නය විසඳගෙන ඉමු,” යනුවෙන් ඔහු පැවසී ය.
එම වීඩියෝව පහතින්,