“අද මේ රටට ඕන ශිෂ්ට දේශපාලන සංස්කෘතියක්”
පාලකයන්ගේ රැවටීම්වලින්, පාවා දීම්වලින් හෙම්බත් වුණු මිනිසුන් ලෙස අපි තවදුරටත් කිසිවක් නොදැක්කා නොපෙනුනා සේ ඇස්, කන් පියාගෙන සිටිය යුතු ද?
පුරවැසියන් ලෙස හිමිවිය යුතු අවම අයිතියත් අපෙන් උදුරා ගන්නා විට වෙනතක් බලාගෙන සිටීම සාධාරණත්වය අගයන මනුස්සයෙක්ට තරම් නොවේ.
ශිෂ්ට දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය හොඳින්ම දැනෙන මෙවන් යුගයක ඒ වෙනුවෙන් හඬ නගන්නට, පළමු වෙඩි මුරය තබන්නට සමාජයක් තනන්නට උර දෙන කලාකරුවන්, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන, විවිධ කණ්ඩායම්, තනි පුද්ගලයින් පක්ෂ-පාට භේද නොසලකා ඊයේ (12) දින ලිප්ටන් වටරවුමට එක්වුණා.
බල තණ්හාවෙන් මිරිකුණු ඒකාධිපති පාලකයින් සිය ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව ඔවුන් තම හඬ අවදි කළේ මෙලෙසිනි,