රිදී රැයක් ප්‍රසංගය 23 වැනිදා
16 වැනි වරටත් සංවිධාන කෙරෙන රිදී රැයක් ප්‍රසංගය එළඹෙන 23 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඒ එදින සවස 6.30 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ය.
320 කට අධික දේශීය සිනමා තාරකාවන්ගේ සුබසිද්ධිය පිණිස කැපවූ අරමුදල ගොඩනැංවීමේ අරමුණින් සිනේස්ටාර් පදනම විසින් මෙම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබයි. එමඟින් උපයන මුදලින් වෛද්‍ය හා ජිවිත රක්ෂණාවරණ පිරිනැමෙන අතර වියපත් ශිල්පින් හට මාසික දීමනාවක් ද ලබා දීමට කටයුතු කරයි.
මෙවර රිදී රැයක් ප්‍රසංගය සඳහා රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ශ්‍රියානි අමරසිංහ, ක්ලිටස් මෙන්ඩිස්, වීණා ජයකොඩි, ජීවන් කුමාරණතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, සංගීතා වීරරත්න, චන්න පෙරේරා, ජැක්සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, අනුෂා දමයන්ති, නිලන්ති ඩයස්, මංජුලා කුමාරි, උපේක්ෂා ස්වර්ණමාලි, රොෂාන් පිලපිටිය, සුරාජ් මාපා, සාරංග දිසාසේකර, පුබුදු චතුරංග, රොෂාන් රණවන, වසන්ත කුමාරවිල, ගිරිරාජ් කෞශල්‍ය, චිලී තිලංක, විශ්ව කොඩිකාර, සචිනි අයේන්ද්‍රා, දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද්, උදාරි පෙරේරා, ශලනි තාරකා, රුවන් වික්‍රමසිංහ, ප්‍රියන්ත විජේකෝන්, තාරුකා වන්නිආරච්චි, උදාරි වර්ණකුලසුරිය, සෙනාලි ෆොන්සේකා, චුලක්ෂි රණතුංග ඇතුළු විශාල පිරිසක් එක්වෙති.
නර්තන නිර්මාණය චන්න උපුලි නර්තන කණ්ඩායම විසිනි. ප්‍රසංගය සඳහා අනුග්‍රහය ඩයලොග් ආසියාටා සමාගම විසිනි.