ශ්රී ලංකාවේ ප්රමුඛතම සිනමා මණ්ඩලයක් වන එම්. පී. අයි. සමාගම සහ ස්කයිලයින් සමාගම ඇති කරගත් අවබෝධතා ගිවිසුම මත
හොලිවුඞ් හි ප්රධානතම චිත්රපට බෙදාහරින්නන් වන සෝනි, වෝනර් බ්රදර්ස් සහ ටුවෙන්ටිත් සෙන්චරි ෆොක්ස් සමාගම්වල ප්රධානතම උසස් ගණයේ හොලිවුඞ් චිත්රපට ශ්රී ලංකාවේ චිත්රපට ප්රේක්ෂකයන් වෙත ගෙන ඒමට එම්. පි. අයි. සමාගම කටයුතු කර ඇත.
පසුගිය 14 වැනිදා ස්පයිඩර්මෑන් සහ 21 වැනිදා ඇක්වාමෑන් ශ්රී ලංකාවේ තිරගත කළ අතර, මේ වන විට උසස් ප්රතිචාර ලැබී ඇති බවත්, ලබන වසර මුලදී ඇලිටා : බැටල් ඒන්ජල් තිරගත කිරීමට නියමිත බවත් එම්. පී. අයි. සිනමා මණ්ඩලයේ අධ්යක්ක්ෂ ආචාර්ය අරෝෂ් ප්රනාන්දු පැවසීය.
ආචාර්ය අරෝෂ් ප්රනාන්දු, එම්. පී. අයි. මණ්ඩලයේ අධ්යක්ෂ ඩැනියේලා නොබයීල් කයිඞ්ස් - ස්කයිලයින් සමාගමේ අධ්යක්ෂ නිමල් කුලරත්න - එම්. පී. අයි. මණ්ඩලයේ අධ්යක්ෂ සහ තුෂාන් රංගන මීමනගේ ස්කයිලයින් සමාගමේ අධ්යක්ෂ ඡායාරූපයේ සිටිති.
උපුටා ගැනීම: දිවයින