සාමයට කැපවූ ලෝක ප්‍රකට ලේඛකයා දිවියෙන් සමුගනියි
ඊශ්‍රායල සහ පලස්තීන රටවල් අතර සාමය ස්ථාපිත කිරීම සඳහා කැප වුණු කෘතහස්ත ඊශ්‍රායල ලේඛක අමෝස් ඔස් අභාවප්‍රාප්ත වී තිබේ.
පිළිකා රෝගයට ගොදුරු වීම නිසා ඔහු මියයන විට 79 හැවිරිදි වියේ පසුවිය.
සිනමා කෘතියකට පවා නැඟුණු A Tale of Love and Darkness අමෝස් ඔස්ගේ ලෝක ප්‍රකට නවකතාවක් ලෙස සැලකේ. එම කෘතිය 2002 දී ඉහල අලෙවි වාර්තා තැබීය.
ඔහු ජාත්‍යන්තර සාහිත්‍ය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
අමෝස් ඔස්ගේ කෘති භාෂා 45 කට පරිවර්තනය වී ඇති අතර නොබෙල් සාහිත්‍ය සම්මානයට ද ඔහු නිර්දේශ වී තිබේ.