“සංගිලි” හෙට සිට රිදී තිරයට
ලලිත් පන්නිපිටියගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන “සංගිලි” ජනවාරි 11 වැනිදා එනම් හෙට සිට එල්. එෆ්. ඩී සහ එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ කෙරේ.
රුපියල් ලක්ෂ 80 ක් පමණ වියදම් දරා සිදු කළ බවට පැවසෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ රංගන ශිල්පිනි දුලානි අනුරාධා විසිනි.
සනත් ගුණතිලක, සාරංග දිසාසේකර, වීණා ජයකොඩි, වසන්ති චතුරානි, ලයනල් වික්‍රම, අනූෂා සොනාලි, රෙබෙකා නිර්මලී, විමල් කුමාර ද කොස්තා, මොහාන් හෙට්ටිආරච්චි ඇතුළු පිරිස සංගිලි සඳහා රංගනයෙන් දායක වී තිබේ.
නිලන්ත චූලරත්න කැමරා අධ්‍යක්ෂණයෙන්, ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන්, කේ. එම්. කරුණාරත්න තිර රචනයෙන්, පූජිත සන්දාදුර සහ විශාකා ගුණතිලක අංග රචනයෙන්, හේමචන්ද්‍ර පෙරේරා සහ ශාන් මාකඳුරගේ කලා අධ්‍යක්ෂණයෙන්, සමන් පනාපිටිය සංගීතයෙන්, කීර්ති උඩවත්තගේ නිෂ්පාදනයෙන් මෙම සිනමාපටය නිර්මාණයට එක් වී ඇත.
සමන් ලෙනින්, ඉන්දිකා උපමාලි, සමන්ත පෙරේරා සහ නෙලූ අධිකාරි ඊට ගායනයෙන් එක් වී තිබේ.
සබැඳි පුවත් :
https://mirrorarts.lk/news/4431-sangili-movie