සුමති සිවමෝහන්ගේ “පුත්තු සහ පියවරු” චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මානයක්
මහාචාර්ය සුමති සිවමෝහන්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන “පුත්තු සහ පියවරු” ජායිපූර් ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේ දී (JIFF) සම්මානයට පාත්‍ර වී තිබේ.
වෘතාන්ත චිත්‍රපට වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණය උදෙසා වන සම්මානය ඒ අනුව හිමි වී ඇත්තේ එම සිනමා කෘතියේ සංගීත අධ්‍යක්ෂණය කළ ඇන්තනි සුරේන්ද්‍ර ට ය.
පසුගිය 18 වැනිදා ආරම්භ වූ ජායිපූර් ජාත්‍යන්තර සිනමා උළෙල ඊයේ දින (22) නිමාවට පත්විය.
සිංහල සිනමාව සමඟ කටයුතු කළ දමිල සංගීත පරම්පරා දෙකක් පිළිබඳ කතා පුවතක් පාදක කරගනිමින් නිර්මාණය වුණු පුත්තු සහ පියවරු (Sons and Fathers) චිත්‍රපටය පසුගිය වසරේ පැවැත්වූ ඉන්දීය ජගත් සිනමා උළලේ දී හොඳම වෘතාන්ත සිනමා කෘතිය සඳහා වූ ජූරියේ සම්මානයෙන් පිදුම් ලැබී ය.
බිම්සරා ප්‍රේමරත්න, නිරංජනී ශන්මුගරාජා, එස්.ඒ. විනෝද්, රනිල් ජිතේන්ද්‍ර, අමාවස්යා සිරිසේන, ඇන්තනි සුරේන්ද්‍ර, උපුල් ශාන්ත සන්නස්ගල, මෛත්‍රී රාජේශ්කුමාර් චිත්‍රපටයේ චරිතවලට පණ පොවති.