නුවන් ජයතිලකගේ “සුළඟ අප රැගෙන යාවි”
නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා අධ්යක්ෂණය වන “සුළඟ අප රැගෙන යාවි” ළඟදීම තිරගත කිරීමට නියමිත බව වාර්තා වනවා.
චිත්රාල් චිටි සෝමපාල සංගීතය සැපයූ 'සුළඟ අප රැගෙන යාවි', සිනමාකරණය ස්ට්රයිනර් මැක්ලේන් ඇඩම්ස් විසිනි.
නැසීගිය ප්රවීන ලේඛක සයිමන් නවගත්තේගමගේ දියණියක වන මායා නවගත්තේගමගේ මෙම සිනමා කෘතිය නිෂ්පාදනය කර තිබේ.
චිත්රපටය පිළිබඳ අධ්යක්ෂවරයා මෙසේ සිය අදහස් පළ කර තිබුණි,
''ලංකාවේ අවසාන තවලම ජීවත් වුණේ නකල්ස් මීමුරේ. මේ අවසන් තවලමේ දිවිගෙවන පවුලක කතාවක් තමයි ‘සුළඟ අප රැගෙනයාවි’ චිත්රපටයට පසුබිම් වෙලා තියෙන්නේ. ගමේ ආර්ථිකය තුළ ණය බරින් මිරිකිලා ජීවන අරගලයට මුහුණ දෙන පවුලක්.
මේ ජීවන අරගලය නිසාම දෙමව්පියන්ට දරුවන් දෙදෙනා අමතක වෙනවා. මේ දරු දෙදෙනාගේ හුරතලා තමයි තවලමේ හරකා. ගමේ ඉන්න හරක් හොරු කණ්ඩායමක් ඇවිත් හරකා උස්සගෙන යනවා.
නැතිවුණු හරකා හොයන්න වැඩිහිටියෝ මිථයා විශ්වාස පසුපස හඹා යද්දී ළමයින් දෙදෙනා කරන්නේ සතුන්ගේ අඩි පාරේ හරක් හොරා සොයාගෙන යන එකයි.
එසේ යන දරුවන්ගේ ගමන නවතින්නේ ම පිටකොටුවෙන්. ඉන්පසු සිද්ධ වෙන කතාව තමයි මේ චිත්රපටය පුරා දිගහැරෙන්නේ”